SINHALA DICTIONARY RESOURCES ONLINE

Searchable by Sinhala, English or Tamil Words with Wildcards - Virtual Keyboard - Get Sinhala Unicode


selected terms: 22 page 1 of 2
සිංහල ස්වර අතරෙහි විවෘත මධ්‍ය ස්වරය; (සාපේක්ෂ සංවෘත උච්චාරණයක් ද ලැබේ); සිංහල හෝඩියේ පළමුවන අකුර
අං කූඩුව
ගෝන මුව ආදින්ගේ අං තට්ටුව
අංකුරයා
පෙරුම් පුරන්නා යම් තත්වයකට ළඟාවන්නා
අංකුරෝත්පත්තිය
දලු දැමීම; රිකිලි දැමීම
අංගණය
එළි පෙහෙළි කළ හැකි තැනිතලා බිම; මළුව; මිදුල
අංගනය
එළි පෙහෙළි කළ හැකි තැනිතලා බිම; මළුව; මිදුල
අංගයා
රොඩී, (හුලවාලී) ජනයා විසින් ගම්වැසියෙකු හැඳින්වීමට යොදන වචනය
අංගීකරණය
පිළි ගැනීම; එකඟ වීම
අකාර පක්ෂියා
ගුරුළා
අජීව ලෝකය
ලෝකයේ අප්‍රාණික වස්තු සියල්ල
අටලෝ දහම
හැම කෙනෙකුට ම පොදු ලෝක ස්වභාව අට, ලාභය, අලාභය, අයස, යස, නින්දාව, ප්‍රශංසාව, සැප, දුක, යනු ඒ අටයි
ආර්යාව
උතුම් කත; උතුමකුගේ බිරිඳ
කටුකොහොල
කටු පඳුරු ආදිය; කඩතොලු
කපොල්ල
කඳු වැටියක හෝ ප්‍රාකාරයක හෝ වෙනත් එබඳු බාධකයක ඇති හිස් ඉඩ කොටස; පටු දොරටුව; කඩුල්ල
කල්කාන්තය
දුරාතීතය; ඉතා ඈත අතීතය
ජරමර
කරදර; හිරිහැර; පීඩා
ධවල පත්‍රිකාව
ඇතැම් අණ පනත් නීතිගත කිරීමට පෙර මහජනයාට කල් තබා දැන ගැනීම සඳහා රජයෙන් නිකුත් කරන ලියවිල්ල
නඩු කාරයා
විනිශ්චයකරු; විනිසුරු
පුරස්කාරය
ප්‍රකාශකයෙකු විසින් පොතක් ප්‍රකාශයට පත් කිඣිම වෙනුවෙන් එම පොතේ කතුවරයාට කරන ගෙවීම
මාන්දම
ග්‍රහරෑ රෝගයක්; ඩී විටමිනය හීන වීම නිසා ළදරුවන්ට වැළඳෙන රෝගයක් අග්නි මාන්ඤාය
Sinhala Explanatory Dictionary Sinhala Dictionary Resources Online
to main page HelpAboutFeedback top of page
© 2008 www.sinhaladictionary.org